ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ දැයි රජය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එකී නිවේදනයේ දැක්වෙන අන්දමට එම තත්ත්වය පැහැදිලි කර ඇත්තේ මෙසේය.
01-ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?
* කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතී.
* සෙසු දිස්ත්‍රික්කවල අද (04) සිටමැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මකය.
* මෙම දිස්ත්‍රික්කවල මැයි 06 බදාදා,රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදාඅලුයම 5.00 දක්වා බල පවත්වයි.
02-ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?
* කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට, මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද, මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.
03- ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික කාර්යයන් සිදුවන්නේ කෙළෙසද?
*කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
*ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ *මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
*පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.
*දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.
*ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ.
01-ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද?
*අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.
*නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.
02-ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ? කවදා සිට ද ?
* ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
* මැයි 11 සඳුදා සිට ක්‍රියාත්මකය.
* ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.
ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.
උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී.