ගාල්ල නගරයේ සිට කෝරලේගම – කන්නෙලිය මාර්ගයේ කිලොමීටර් 35 ක් පමණ දුරක් ගිය විට කන්නෙලිය රක්ෂිතය හමුවෙයි. කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් ලෙස කන්නෙලිය වනාන්තරය හඳුනා ගත හැකිය. හෙක්ටයාර 6144 ක් පුරා පැතිරී පවත්නා කන්නෙලිය වනාන්තරය, ගහ කොළට ආදරය කරන කාටත් සංචාරය හොඳ ස්ථානයකි. එහෙත් මේ කතාව කන්නෙලිය රක්ෂිතය ගැන නෙවෙයි. එකී රක්ෂිතයේ සංචාරයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිසකට මග පෙන්වන සංචාරක මග පෙන්වන්නන් ගැනයි. මේ ඔවුන්ගේ හඬයි.
‘‘ අපි ඉස්සරලාම දැන ගන්න ඕන මෙහෙට එන අය එන්නෙ මොන අභිමතාර්ථයකින්ද කියලා. මොකද සමහර අය එන්නෙ හුදෙක් විනෝදය සඳහා පමණයි. දිය ඇළිවල ලස්සන බලන්න. ෆොටෝ ගන්න වගේ. තවත් අය ශාක ගැන සත්තු ගැන, සමනලයින් ගැන දැනගන්න එනවා. ඒ නිසා අරමුණ දැනගෙන ඒ අරමුණට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදෙනවා. අපට ගතමනාවක් ලැබෙන්නෙ මාර්ගෝපදේශන වෙනුවෙන් නිකුත් කරන ටිකට් පතෙන්. පළවෙනි මංපෙතට (ස්වභාවික ගුහාවයි-දිය ඇල්ලයි) මාර්ගෝපදේශ ටිකට් ගාස්තුව රු. 400යි. දෙවනි මංපෙත යෝධ නව`දගහ හෝ නාරංගස් ඇල්ල දක්වා. ඒකට රු.800 යි. තුන්වෙනි මංපෙත තමා කබ්බල මංපෙත. ඒක කන්දක්. ගාස්තුව රු. 1000ක ටිකට් එකක් කඩනවා.
බෝම්බ ප්‍රහාරයට කලින් දවසකට 2-3ක් යනවා. එතකොට සාමාන්‍ය කම්කරුවෙකු වැටුප ලැබෙනවා. දැන් හැමෝම කණ්ඩායම් දෙකකට බෙදනවා. දවසකට 9-10ක් එනවා. අද ආවෙ කණ්ඩායම් 3යි. අපි ඉතිං බලාගෙන ඉන්නවා. තව කණ්ඩායමක් එනකල්. දැන් ගයිඞ් කෙනෙක් සතියකට දවස් 3ක් වගේ වැඩ කරන්නෙ. මාසෙ ආදායම රු. 4000-5000ක් වගේ තමයි ලැබෙන්නෙ. කට්ටිය එන කාලෙ නම් වාසියි. විශේෂයෙන්ම විදේශකයින් එනවනම් අර මාර්ගෝපදේශන ගාස්තුව ඩබල් වෙනවා. 400-800, 800-1600, 1000-2000 වෙනවා. ” එච්.ඩබ්ලිව් ඉන්දිකා (38) පවසයි. ඇය කන්නෙලිය පාර, කන්නෙලිය ලිපිනයේ පදිංචි අසල්වැසියෙකි.
කන්නෙලිය රක්ෂිතය ආශ්‍රීතව ජීවත් වන ප්‍රජාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමේ අභිප්‍රායෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ නිසාම ඇයටත්, ඇය මෙන්ම අසල්වැසි බොහෝ දෙනෙකුටත් සංචාරක මගපෙන්වන් ලෙස සේවය කරන්නට අවස්ථාව ලැබී ඇත්තේ ඒ නිසාය.
‘‘මට දැන් අවුරුදු හැත්තෑ හතරක්. මේක පටන්ගත්ත කාලෙ ඉඳලම ඉන්නවා. 2009න් පස්සෙ වගේ තමා මේක හො`දට හැදුණේ. ඒ කාලෙ සාමාන්‍යයෙන් සංචාරකයින් කණ්ඩායම් 2-3ක් තමා දවසට ආවෙ. ගයිඞ්ලා හිටියෙත් 4-5ක් විතරයි. අවුරුදු 8න් පස්සෙ තමා හොඳ පැමිණීමක් තියෙන්නෙ. මං මේ කැලේම හැදිලා වැඩිලා ගොඩක් දේවල් දන්නවා. ඒත් අපට වන සංරක්ෂණයෙන් තමා වැඩමුළු කීපයක් තියලා නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නෙ. ශාක, පක්ෂින්, උරගයින්, සමනල්ලූ ගැන වෙන වෙනම විශේෂඥයින් ඇවිත් ඉගැන්නුවා. හැමදේව ආවරණය වන විදිහට ඉගැන්නුවා. පළවෙනි දවසෙ වීඩියෝ පෙන්නලා. දෙවෙනි දවසෙ කැලෑ ඇතුළට එක්ක ගිහින් පෙන්නුවා. නොදන්නා ගහ කොළ ආදිය ගැන. සති අන්තයේ වැඩිපුර මෙහෙට එනවා. සති මැද කැම්පස් වලින්, ඉස්කෝලවලිලන් එනවා. දැන් නම් බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ හරිම අඩුයි. විදේශ අය කණ්ඩායම් දවසකට 20ක් විතර ආව දවසුත් තිබුණා. අපේ්ර්ල් දක්වාම. දේශීය අය සති අන්තයේ 80ක් විතර ආව දවසුත් තිබුණා. දැන් අඩුයි. ඒත් දැන් දැන් ආයෙම එන්න පටන් අරන් තියෙනවා. සමහර ළමයි ආවම හරි දඟයි. ඇල්ල බලාගෙන දුවලා අනතුරු වුණු අවස්ථාත් තියෙනවා’’ එහෙම කියන්නේ හිනිදුම- මල්හතාව පදිංචි ඩබ්ලිව්. ඒ ගුණදාස මහතාය.
‘‘ අංකල් කියන්නෙ ඇත්ත. ඇල්ල දුරට දැක්කම ඉක්මනින් යන්න ඕන වෙලා දුව දුවා යනවා. පොඩි ළමයි විතරක් නෙවෙයි සමහර තරු ණඅයත් එහෙමයි. මම නම් විසිල් එකක් තියාගෙන පිඹිනවා. එක තැනක් තියෙනවා. එතැනින් එහාට යන්න දෙන්නෙම නෑ. දිය ඇල්ල ගාවටම යන්න පුලූවන්. ඒත් වැහි දවස් වලට නම් බෑ. අනතුරු දායකයි. යන්න ඉස්සර අවදානම පැහැදිලි කරනවා.” ඉන්දිකා පැහැදිලි කළාය.
අප කතා බහ කරමින් සිටියදී එතැනට තවත් මැදිවියේ සංචාරක මගපෙන්වන්නියක වන ඞී.එල් ලතා ද පැමිණියාය. වයස අවුරුදු 56ක් වන ඇය කන්නෙලිය පාර, කෝරලේඉම-පනංගල පදිංචිකාරියකි.
‘‘ මං 2016 සිට ඉන්නවා. පුහුුණුවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට අමතරව පොත් කියවලත් දේවල් ඉගෙන ගත්තා. කොළඹ ගිහින් පොත් අරන් ඇවිත් ගෙදර වැඩ කරලා දවසකට පැයක් විතර කියවනවා. මං ගස් 20ක විතර උද්භිත විද්‍යාත්මක නම් කියවලා කට පාඩම් කරගන්තෙ ගෙදර පොල් ගාන ගමන්. ජනවාරි සිට මාර්තු දක්වා ඉස්කෝලෙ ළමයි එනවා. ඒ අයට මොනව හරි දැනුමක් දෙන්න ඕන. ඉතිං මං පොත පත කියවලා, තව දන්න අයගෙන් අහලා දැනුවත් වෙනවා. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. වැඩ 3ක් පාස්. මං මේකෙන් සතුටක් ලබනවා. භීෂණ කාලෙ තම ාමං පාස් වුණේ. අම්මලා තාත්තලා කැමති වුණේ නෑ මං රස්සාවකට ගෙදරින් පිට යනවට. ඒ නිසා උත්සාහ කළේ නෑ. දැන් ඉතිං වයසයිනෙ. දැන් රස්සා වලට දාන්න බෑනෙ. ඉංග්‍රීසි පංතිත් ගියා. ටයිපිං කළා. රටට සේවයක් කරන්න වුණේ නෑ. ඒ අසහනය නැති වුණේ මෙතෙන්ට සම්බන්ධ වුණමයි.” ඇය වැඩිදුරටත් කියා සිටියාය.
හෙක්ටයාර 5306ක පමණ ප්‍රමාණයක විහිිදී පවත්නා කන්නෙලිය රක්ෂිතය මුහදුු මට්ටමින් මීටර් 60 සිට 425 දක්වා උසින් පිහිටා තිබේ. ජෛව විවිධත්වයෙන් යුතු උරුමයක් ලෙස 2004 දී යුනෙස්කෝ සංවිධානය විසිින් නම් කර ඇති මෙම රක්ෂිතයේ සංචාරක මග පෙන්වන්නන් ගැන එහි ප්‍රාදේශීය වන නිලධාරී අසිත ද සිල්වා මහතා කියන්නේ මෙවන් කතාවකි.
‘‘ මෙහෙ සංචාරකයින් අට දෙකනු හිටියා. ඒත් විධිමත් පුහුණුවක් ලබා තිබුණේ නෑ. ගමේ පවුලක 5ක් විතර හිටියා. පිටින් තුන් දෙනෙක් විතර හිටියා. පවුලක තමා අයිතිය තිබුණේ. නීතියක් පිළිවෙළක් තිබුණෙ නෑ. ඒ අය සංචාරකයින් එක්ක ගිහින් තවත් අය ආවොත් විතරයි අනෙක් අයට ඉඩක් ලැබුණේ. මං මේ ගැන ගාල්ලෙ දිසා වන නිලධාරීත් එක්ක සාකච්ඡුා කරලා වැඩපිළිවෙළක් හැදුවා. නීති පද්ධතියක් හැදුවා. සංචාරකයින් වැඩිවුණා. ඊට පස්සෙ තව ගයිඞ්ලා ටිකක් බඳවා ගත්තා. දැන් ස්ථීර ගයිඞ්ලා 20ක් හා තව 10ක් තාවකාලික පදනම මත සේවය කරනවා. ක්‍රමවේදයක් හැදුවා. හැමෝටම සම අවස්ථා ලැබෙන විදිහට. පාරක් දාලා ගාණක් දාලා හිතු හිතු ගණන් ගන්න බෑ. නැත්නම් මූණ බලලා ගණන් කියනවා. මිනිස්සුන්ට ගුණාත්මක බවක් දෙන්න ඕන නිසා ව්‍යාපෘතියෙන් පුහුණුවක් කළා. ඉන්ටර් නැෂනල් යූනියන් ෆෝර් කන්ෂර්වේෂන් නේචර් කණ්ඩායම් ගෙනල්ලා පුහුණුවක් කළා. පරිසර සංවිධානවලින් ජෛව විවිධත්වය ගැන, වැදගත්කම කතා කළා. දකුණු පළාත් සභාවේ පුහුණු සංචාරක කාර්යාංශය සමග එක්ව රාජකාරි හැ`දුනුම්පතක් ලබාදුන්නා. ව්‍යාපෘතියෙන් ජැකට්, සපත්තු, යුනිෆෝර්ම් දුන්නා. ඉංග්‍රීසි පාඨමාලාවක් කළා. දෙපාර්තමේන්තුවෙන් හා පුහුණු කාර්යාංශයෙන් කළා. ඉස්සර විදේශ සංචාරකයෙක් ඇවිත් මගපෙන්වන්නෙක් ඉල්ලූවම යන්න හිටියෙ දෙන්නයි. නමුත් දැන් හැමෝම යවන්න පුළුවන්. හැමෝටම ඉංග්‍රීසි දැනුම තියෙනවා.”
ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ගම්මානවල දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ යැපුම් මාර්ග වනාන්තරය හා බැඳී පවතියි. දැව කපා අලෙවි කිරීම්, සත්ව දඩයම, හෙළ ඔසු, කැලෑ එළි පෙහෙළි කරමින් වගා බිම් ඇති කිරීම ආදිය එයින් කිහිපයක් පමණයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී බලධාරීන් විසින් නීති විරෝධී ලෙස වනය පරිහරණය කරන්නන් අල්ලා නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවද, වෙනත් ජීවනෝපායක් ස`දහා ඉහළ අධ්‍යාපනයක්, වෘත්තීය පුහුණුවක් නොලත් කෙනෙකුට තමන් නොදත් කලාවක් වෙනුවට හැමදාමත් දන්නා කලාවේ අඛණ්ඩව නිරතවීම සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසාම රක්ෂිත ආරක්ෂා කිරීමට අවට ප්‍රදේශවල ජනයා ආකල්පමය වශයෙන් වෙනස් කිරීම, ඔවුන්ට අත්වැල සැපයීම බලධාරීන්ගේ වගකීමකි.
කන්නෙලිය රක්ෂිතය ආශ්‍රිතව දිවි ගෙවන සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කරන මෙම පිරිස් හැමදාමත් මේ ගහ කොළට, සතා සිව්පාවට ආදරේ කරන්නන්ය. තමාගේ ආදරයට වටිනාකමක් එකතු කරන්නවුන්ය.
‘‘අපි මේ අයගේ ආදායම ගණනය කරනවා. මේ දවස්වල රු. 15,000ක් වගේ තමා තියෙන්නේ. ටිප් එක නැතුව. ටිප් එකත් එක්ක සාමාන්‍යයෙන් 25, 30-000ක් වගේ වෙනවා. පාස්කු ප්‍රහාරයට ඉස්සර නම් ටිප් එකත් එක්ක 50,000 ක් වගේ හොයනවා. දැන් ඒ මට්ටමින් නැතුවා වුණත් ආයෙත් සංචාරක කර්මාන්තය හැදීගෙන එන නිසා අනාගතය යහපත් වේවි” අසිත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(11-10-2019 දිනමිණ) – http://epaper.dinamina.lk/?tday=2019/10/11&id=pg22&ver=col