නුවරඑළිය වන විද්‍යා ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීමෙහිලා සංවර්ධන කටයුතු වලට අදාළව පළමු අදියර කටයුතු එළඹෙන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ය.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කරන ලද මිලියන 230ක ප්‍රදානයකින් ෆයිනයිට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ( Finite Lanka Pvt ltd) විසින් මෙම කටයුතු ආරම්භ කරනු ඇත.
මීට අමතරව දෙවන අදියරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පූර්ව ලංසු කැඳවීමේ රැස්වීම, වන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂිකා එස්.එච් බන්දුමාලා, නියෝජ්‍ය අධ්යක්ෂ පී. ජයපාල, සහ ප්‍රාදේශීය වන නිලධාරී කමල් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ලංසුකරුවන්ගේ සහභාගිත්වයෙන් 2019 සැප්තැම්බර් මස 21 වන දින වන දින විද්‍යා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. දෙවන අදියර සඳහා ලංසු කැඳවීම දෙසැම්බර් 03 වෙනිදායින් අවසන් වීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරු ධනුෂ්ක වික්‍රමරත්න, ව්‍යාපෘති ඉංජිනේරු – කල්‍යාණරත්න සහබන්දු මහතා, පරිසර හා සමාජ ආරක්ෂණ විශේෂඥ ඩන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පරිසර නිලධාරී – ආචාර්ය සඳුන් බණ්ඩාර , ප්‍රසම්පාදන නිලධාරී – සුරංග විජේවික්‍රම, කාර්මික නිලධාරී – එම්.ඒ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.