ආර්ථික උපක්‍රමයක් ලෙස සංචාරක ව්‍යාපාරය ලංකාව තුළ සාකච්ඡුා වී තිබුණද එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට 2017 වන විට ලක්ෂ 20ක් දක්වා සංචාරක පැමිණීම වර්ධනය විය. එතෙක් රටේ ආර්ථිකයට සීමාන්තික දායකත්වයක් දැක්වූ සංචාරක කර්මාන්තය රටේ ප්‍රමුඛතම කර්මාන්තයක් දක්වා පුළුල් වන්නට විය. “හෝම් ස්ටේ” නමින් හඳුන්වන ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය බිහිවීමේ හා ප්‍රචලිතවීමේ පසුබිම මෙයයි. රුහුණු සංචාරක කාර්යාංශයේ සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන නිලධාරී නිශාන්ත සමරනායක මහතා ඒ පිළිබඳ මෙසේ පවසයි.
‘‘ හෝම්ස්ටේ’ කියන සංකල්පය ආවේ 2009 න් පසුවයි. රටට සංචාරකයින් ඒම වැඩිවුණා. ගිය අවුරුද්දෙ මිලියන 2.3ක විතර වර්ධනයක් තියෙනවා. රජයට ඉල්ලූමට සරිලන නවාතැන් පහසුකම් ලබාදීමට නොහැකිවුණා. හෝටල් කාමර ඉඩ නැතිවුණා. සූදානමක් නැති හදිසි වර්ධනය නිසා විකල්ප කාමර අවශ්‍ය වුණා. අනෙක් පැත්තෙන් මෙම ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ආර්ථිකය නංවන්න තමාගේ නිවසේම සංචාරකයින් වෙනුවෙන් කාමරයක් වෙන් කර තැබීම වැදගත් වුණා. සෘජුව අතරමැදියකින් තොරව සංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ගමට දිනාගත හැකිවුණා. සංචාරක ආකර්ෂණයත් එක්ක ගම ඉලක්ක කරගෙන කන්නෙලිය, මැදිරිපිටිය, විහාරහේන, රැකව ආදී ප්‍රදේශවල කෘෂි කාර්මික ජීවන රටාව, සම්ප්‍රදායික ජීවන වෘත්තීන්, අභිචාර විධින් සමග මෙම තත්ත්වයට මුහුණදෙන්නට රුහුණු සංවර්ධන කාර්යාංශයට සිදුවුණා. හෝම්ස්ටේවල සමස්තය සංගණනය කෙරිලා නෑ. ප්‍රජා සංචාරක ගම්මාන විදිහට අම්බලන්ගොඩ, මාදාම්පාගම ග`ග ආශ්‍රිතව ගොඩහේන ආදී වශයෙන් 5 ක් තියෙනවා. එක ගමක ප්‍රතිලාභීන් 20ක් විතර ඉන්නවා. කාමරවලට අමතරව උයන, ආහාර විකුණන, ප්‍රවාහන පහසුකම් සපයන ආදී වශයෙන්. ප්‍රජා සංචාරක සංවර්ධන පදනම සමිතිය හරහා තමා ක්‍රියාත්මක වෙන්නෙ. ව්‍යවස්ථාවක් අනුව ඉදිරියේදී සමාගමක් විදිහට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.”
‘හෝම් ස්ටේ’ නමින් සංකල්පයක් ප්රවර්ධනයවීමට ප්‍රථම වුවද, හික්කඩුව, මිරිස්ස, උණවටුන වගේ ප්‍රදේශවල මෙවැනි සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී තිබේ. සංචාරකයින් ගේ පැමිණීම වර්ධනය වෙද්දී. සංචාරක හෝටල්වලම සම්බන්ධීකරණයෙන් සංචාරකයින්ගේ කාමර අවශ්‍යතාව පමණක් සපුරාලීම මෙහි ප්‍රාථමික අවධිය විය. ඉක්බිතිව දේශීය වැසියන්ගේ පැරණි ගෙවල්, දේශීය ආහාර පාන මෙන්ම අභිචාර විධින්, සම්ප්‍රදායික සිරිත් විරිත් ආදිය අත්වි`දීමේ අත්දැකීමද සහිතව තල 3ක පමණ මෙම ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වී තිබේ.
ලෝක බැංකුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒකාබද්ධව ක්‍රියාවට නැංවෙන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය තුළින් ප්‍රදේශයේ ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීම ස`දහා අත්වැල සපයයි. මේ ගාල්ල දිසා වන නිලධාරී මොහාන් ද සිල්වාගේ හඬයි.
‘‘2016 දි විතර මේ ගැන යෝජනා කළාට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2018 දි. ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තයට අදාළව අපට අයදුම්පත් තිහක් හතළිහක ප්‍රමාණයක් ආවා. එයින් නිර්ණායක 34 ක් පදනම් කරගත්තු ක්‍රමවේදයක් තුළින් අපි සහය පළ කිරීමට තෝරාගත්තේ 10ක් විතරයි. සමහර අය අපි සහයදීමට පෙර සිට යම්තාක් මට්ටමින් මෙම කර්මාන්තය කරගෙන ආව අයයි. ඒත් අපේ මැදිහත්වීමෙන් ඒ අයට හොඳ පුහුණුවක් දුන්නා. ලක්ෂ 3ක පමණ ද්‍රව්‍යමය ආධාර දුන්නා. සම්බන්ධතා හදලා දුන්නා. ඒ අනුව වඩාත් සාධනීය ලෙස ඒ අය කර්මාන්තය දියුණු කරගත්තා. ඉදිරියේදී ගාල්ල ප්‍රදේශයේ මහා පරිමාණ සංචාරක හෝටල්වල සහය අරගෙන සංචාරකයින්ට මගපෙන්වීම් කරන්නන් මෙන්ම ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තය කරන්නන් අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා.”
දිසා වන නිලධාරිවරයාගේ අදහසින් ගම්‍ය වන්නේ ඉදිරියේදී ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ට වඩා හො`ද කල දවසක් උදාවනු ඇති බවයි.
සම්ප්‍රදායික, මධ්‍යම පාන්තික යුරෝපීය හා ආසියානු සංචාරකයින්ට අමතරව හුදු විවේකය ස`දහා නිවාඩු ගතකිරීම වෙනුවට අනෙකුත් රටවල් ගවේෂණය සදහා යොමුවී ඇති බොහොමයක් යුරෝපා තරුණ පිරිස් අඩු වියදමක් දරමින් වැඩි ප්‍රමාණයක් සංචාරයේ යෙදීමට කැමැත්තක් දක්වති. මොවුන් “බැක්පැකර්ස්” ලෙස හැඳින්වෙයි. අඩු වියදමෙන් රටපුරා සැරිසරන මේ පිරිස් බොහෝවිට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරයි. සුඛෝපභෝගී ආහාර පාන වලට වඩා අපි එදිනෙදා ආහාරයට ගන්නා ආකාර අනුගමනය කරයි. සමහර විට සුපර්මාර්කට් හෝ සාමාන්‍ය සිල්ලර කඩවලින්ද අවශ්‍ය දෑ ලබාගනී. කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනු ලබන හොස්ටල් හෝ නිවාස ආශ්‍රිතව අඩුවියදම් හෝම් ස්ටේ වල ඔවුන් නවාතැන් ගනිති. ආසියාවේ සහ යුරෝපයේ රටවල් හැරුණුකොට ගෙන සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ලෝකයේ අනෙක් දිසාවන්හි ලංකාව ප්‍රචලිත කිරීමට බැක්පැකර්ස්ලා, මහගු සේවයක් කරනු ලබයි. නවීන ලෝකය සමග ඉතා සමීපව කටයුතු කරන මොවුන්, ජාලයක් ලෙස කටයුතු කරන නිසා එක් පසෙකින් තවත් බොහෝ පිරිසකට බලපෑම් සිදුකරන අතරම අලූත් ආකර්ෂණීය ස්ථානයන් ගවේෂණය කිරීමෙද නිරත වේ.
අඩු වියදම් සහගත සංචාර නිසා අවම සම්පත් පාරිභෝජනයක් සිදුකරනු ලබයි. මේ නිසා පොදුවේ සංචාරක ව්‍යාපාරය ඇති විවේචනයන මේ කණ්ඩායමට අදාළ නැත. අදාළ රටේ ස්වදේශීය ජීවිත හා සමීපව සහ සංවේදීව කටයුතු කරන පිරිස් වන නිසා සංස්කෘතික බලපෑම්ද සාපේක්ෂව වැඩිය. සුඛෝපභෝගී සංචාරකයින් බොහෝවිට ජාත්‍යන්තර සහ දේශීය මහාපරිමාණ සමාගම් සමග කටයුතු කරන නිසා අඩු ආදායම්ලාභී දේශීය ජනපිරිස්වලට ඇති මූල්‍යමය ගලායාමට සාපේක්ෂව නිපදවන ආදායමේ ප්‍රතිශතයක් ලෙස “බැක්පැකර්ස් වරුන්ගෙන් , සාමාන්‍ය ජනයාට පවත්නා ආර්ථිකමය වාසි වැඩිය. එහෙත් ග්‍රාමීය ප්‍රදේශවල, සංචාරකයින්ට ආමන්ත්‍රණය කෙරෙන මෙම කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අභියෝග නොපවතින්නේද නොවේ. මේ එම්. උපුල් නාලක මහතාගේ අත්දැකීමයි.
‘‘ මුලදී නම් ගමෙන් එක එක ප්‍රශ්න ආවා. සුද්දො ගෙදර දාගෙන ගමට ලෙඩ බෝ කරයි කීවා. ඒ වගේම ඒ අය ඇවිත් ?ට සිංදුවක් කියලා, බාබකිව් එකක් දාගෙන විනෝද වෙද්දී සද්ද බද්ද වැඩියි කියලා ප්‍රශ්න ආවා. මේ විදිහට ගමෙන් පොඩි පොඩි කරදර ආවා. ඒත් දැන් හුරුයි.”
‘‘කොහොමද සංචාරකයින් සම්බන්ධීකරණය කර ගන්නේ?” අපි විමසුවෙමු.
‘‘ මං කන්නෙලිය කැලේ සංචාරක මගපෙන්වන්නෙක් නිසා මුලින් මුලින් සංචාරකයින් හ`දුනාගත්තේ ඒ මාර්ගයෙන්ම තමයි. ඒ සම්බන්ධතා හරහා තමා මගේ ව්‍යාපාරය පටන් ගත්තෙ. ව්‍යාපෘතියේ ආධාරවලින් තමා බාත් රූම් එක හදාගත්තෙ. ඉස්සරනම් මාසෙකට කණ්ඩායම් 3-4ක් එනවා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ 1-2යි. ඒත් දැන් දැන් ආයෙම ඒ තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් යනවා. දැන් සම්බන්ධීකරණයක් හදාගන්නේ ෆේස්බුක් එකෙන්.” සමාජ මාධ්‍ය භාවිතයේ අගතීන් ගැන කතා බහ කරන බොහෝ දෙනා ඒ ඇසුරින් තමාගේ ජීවනෝපායන් ඉහළ නංවා ගැනීමේ මෙවන් නිදසුන් පිළිබඳ කතා නොකරන තරම්ය.
සංචාරක මගපෙන්වීම් සිදුකරන පුද්ගලයින් රටට නිල නොවන තානාපති සේවයක් සිදුකරමින් ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කරයි. ඔවුන්ට අතදීම රජයක වගකීමක් ලෙස නොසැලකිය හැක්කේ කාටද? තවත් හෝම්ස්ටේ තරුණයෙකු වන රත්නසිරි ප්‍රියන්ත තම අත්දැකීම් මුසු කළේ මේ අයුරිනි.
‘‘ සංචාරක කණ්ඩායම් දෙක තුනක් එකට ආවොත් අමාරුයි. ඇත්තම කියනවානම් ඉල්ලූමට සැපයුම දෙන්න අමාරුයි. දේශීය අයට කාමරයක් දෙන්නේ රු.2500යි ?කට. විදේශික නම් 5000යි. සංචාරක ඒජන්සීස් විස්සක් එක්ක විතර වැඩකරනවා. ඉස්සර කරදර කරපු ගමේ අය දැන් 10 දෙනෙකු විතර ඒ සංචාරකයින්ටම මොන මොනව හරි විකුණාගෙන අමතර ආදායමක් ලබනවා. ඒ අයටත් ප්රතිලාභ ලැබෙන නිසා දැන් අවුලක් නෑ.”
‘ විදෙස් සංචාරකයින් වැඩිපුර කැමති මොන වගේ ආහාර පාන වලටද?” අපි විමසා සිටියෙමු.
” කිතුල් රා එක්ක වතුර මැද කන්න බොන්න තමා කැමති” ඔහු කෙටියෙන්ම කියා සිටියේය.
ලංකාව යනු අඩු ආදායම් ලාභී සංචාරකයින් පමණක් යන එන තැනක් ලෙස ඇතැමුන් අර්ථ දැක්වුවද, සත්‍යය එසේ නොවේ. 2009ට පෙර කාලය තුළ මෙය අර්ධ සත්‍යයක් ලෙෂ වුව සැලකිය හැකි වුවත් සංඛ්‍යා ලේඛන දෙස බැලීමෙන් එය එසේ නොවන බැව් පැහැදිලිය.
මේ අයුරින් සංචාරකයින් ගේ ආදායම් වියදම් රටට එකතුවන අතරේම ඒවා රටේ සාමාන්‍ය ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීමට දායක වන්නේ නම් සංවර්ධනයේ සැබෑ ප්රතිලාභ පුරවැසියන්ට ලැබෙනු ඇත. කලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ එස්. එච් චිත්‍රසේකර මහතාද, අද ගෘහ ආශ්රිත සංචාරක කර්මාන්තයේ නියැළෙන්නෙකි. මේ ඔහුගේ අදහසය.
‘‘ කන්නෙලිය රක්ෂිතයක් විදිහට නම් කරලා වැඩ පටන් ගත්ත දවසේ ඉ`දලම මං එතැන හිටියා. වන සංරක්ෂණ එකේ වැඩ කළේ. අවුරුදු 33ක සේවා කාලයෙන් පස්සෙ විශ්‍රාම ගිහින් තමා මේ වැඬේට අත තිබ්බෙ. මං ඉතිං ගහ කොළ, සතා සිව්පාවා ගැන හො`දට දන්නවා. ඉගෙන ගත්තටත් වැඩිය පළපුරුද්දෙන්ම තමා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ මිනිසුන්ගේ සිහින සැබෑවීම යනු සැබෑ සංවර්ධනයේ පැතිකඩක්මය.
-එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර