උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පවත්නා ගම්මාන හයකින් ඉදිරිපත්වී ඇති ප්‍රජා ක්‍රියාකාරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 08 වන දින පෙ.ව 10.00ට උඩවලව ජාතික වනෝද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මෙම ප්‍රජා ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟිය හැකි ගැටළු අවම කර ගැනීම මෙන්ම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ පූර්ණ සහය ලබාගැනීමත් කෙරෙහි අවධානය යොමුවී තිබිණි. මීට අමතරව අදාළ සැලසුම්වල මූලික අඩුපාඩු සාකච්ඡා කිරීම සඳහා එම ගම්මානවල ප්‍රජා ක්‍රියාකාරීන් දෙදෙනකු බැගින් මෙම රැස්වීමට සහභාගි වූ අතර එක් එක් ගම්මාන සඳහා රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු සහය පිළිබඳ වෙන් වෙන්ව සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ලෙස උඩවලව උද්‍යාන භාරකරු, ප්‍රා.ලේ. (බලංගොඩ), ප්‍රා.ලේ (සෙවණගල), ස.ප්‍රා.ලේ (වැලිගෙපොල), ස.ප්‍රා.ලේ ඇඹිලිපිටිය ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මහාආරගම, රතඹලාගම, කුමාරපුර,කෝන්ගහමංකඩ,බඹරගල යන ප්‍රදේශ නියෝජනය කරමින් ප්‍රජා ක්‍රියාකාරීන් එක්ව සිටියහ. ESCAMP ව්‍යාපෘතිය නියෝජනය කරමින් ජීවනෝපාය හා ප්‍රජාමූල සංවර්ධන විශේෂඥ ශිරාජ් මොරුගම , ප්‍රජා සංවර්ධන නිලධාරී චම්ලි ජයලත් යන මහත්වරු සහභාගි වූහ.