කාරුණික දැන්වීමයි සිංහරාජ – කුඩව මාර්ගය පිළිබඳව පාර්ශව කරුවන්ගේ රැස්වීම 2020 ජනවාරි මස 07 වැනි දින පෙ. ව 9.30 කුඩව වනසංරක්ෂණ කාර්යාලයේදී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන ලෙස අදාළ පාර්ශව කරුවන්ට මෙයින් අරාධනා කර සිටිමූ. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය, සම්පත්පාය, බත්තරමුල්ල. 31-12-2019.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) විසින් ඉකුත් දෙසැම්බර් මස 20 දින බත්තරමුල්ල පිහිටි ගෑන්ඩ් මොනාච් හෝටල් ශ්‍රවණාගාරයේදී , හුරුළු-කවුඩුල්ල සහ කන්තලේ (HKK) භූ දර්ශනය සඳහා සංවර්ධනය කරන ලද මූලික ඉඩම් කළමනාකරණ සැලැස්ම (LMP) සමාලෝචනය කිරීමට අදාළ වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුවට පරිසර සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් බොහෝ දෙනෙකු සහභාගි වූ අතර මෙම වැඩමුළුවේ මූලික
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) විසින් බත්තරමුල්ල පිහිටි “ඉදිකිරීම් උපකරණ පුහුණු මධ්‍යස්ථානයේ“ (CETRAC) දී අන්තර් ක්‍රියාකාරී වැඩමුළුවක් පසුගිය දා (දෙසැම්බර් 3) පවත්වන ලදී. මෙම වැඩමුළුවේ මූලික පරමාර්ථය වූයේ හුරුළු-කවුඩුල්ල සහ කන්තලේ (HKK) භූ දර්ශනය සඳහා සංවර්ධනය කරන ලද මූලික ඉඩම් කළමනාකරණ සැලැස්ම (LMP) ඉදිරිපත් කිරීම සහ සමාලෝචනය කිරීමයි. තෝරාගනු ලැබූ හුරුළු-කවුඩුල්ල-කන්තලේ (HKK) භූ
නුවරඑළිය වන විද්‍යා ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීමෙහිලා සංවර්ධන කටයුතු වලට අදාළව පළමු අදියර කටයුතු එළඹෙන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ය. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කරන ලද මිලියන 230ක ප්‍රදානයකින් ෆයිනයිට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ( Finite Lanka Pvt ltd) විසින් මෙම කටයුතු ආරම්භ කරනු ඇත. මීට අමතරව දෙවන අදියරේ සංවර්ධන කටයුතු
ආර්ථික උපක්‍රමයක් ලෙස සංචාරක ව්‍යාපාරය ලංකාව තුළ සාකච්ඡුා වී තිබුණද එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට 2017
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ 2019 අර්ධ වාර්ෂික ඇගයීම් සැසිය ඔක්තෝම්බර් මස 07 වන දින ආරම්භ වූ අතර එය මේ මස 18 වන දින දක්වා ක්‍රියාත්මකය. ලෝක බැංකු නියෝජිතයින් හා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය එක්ව සිදුකරන මෙම ඇගයීම් ක්‍රියාවලියේදී ප්‍රගති සමාලෝචනයල අභියෝග සහ ගැටළු මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුවී තිබේ.
ගාල්ල නගරයේ සිට කෝරලේගම – කන්නෙලිය මාර්ගයේ කිලොමීටර් 35 ක් පමණ දුරක් ගිය විට කන්නෙලිය රක්ෂිතය හමුවෙයි. කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් ලෙස කන්නෙලිය වනාන්තරය හඳුනා ගත හැකිය. හෙක්ටයාර 6144 ක් පුරා පැතිරී පවත්නා කන්නෙලිය වනාන්තරය, ගහ කොළට ආදරය කරන කාටත් සංචාරය හොඳ ස්ථානයකි. එහෙත් මේ කතාව කන්නෙලිය රක්ෂිතය ගැන
නුවරඑළිය වන විද්‍යා ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීමෙහිලා සංවර්ධන කටයුතු වලට අදාළව පූර්ව ලංසු කැඳවීමේ රැස්වීම, අතිරේක වන සංරක්ෂණ ජනරාල් අචාර්ය කේ.එම්.ඒ බණ්ඩාර, වන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂිකා එස්.එච් බන්දුමාලා, නියෝජ්‍ය අධ්යක්ෂ පී. ජයපාල, සහ ප්‍රාදේශීය වන නිලධාරී කමල් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ලංසුකරුවන්ගේ සහභාගිත්වයෙන් 2019 සැප්තැම්බර් මස 03 වන දින විද්‍යා ආයතන පරිශ්‍රයේදී
“වනජීවි එකේ මහත්තුරු කියන්නෙ පොලිස්කාරයෝ වගේම ජාතියක් තමා. අහුවුණොත් අල්ලලා හිරේ දානවා. පරම්පරා ගාණක් කැලේ ආශ්‍රිතව ජීවත්වුණු මිනිස්සු කැලෑ අගය හො`දින් දන්නවා. ඒත් එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න වෙනත් කර්මාන්තයක් දැන ඉගෙන නොගත්තම කැලේ සතෙක් දඩයම් කරගෙන, කැලෑවේ ගහක් දරට කපලා විකුණගෙන ජීවත් වෙන එක ඇරෙන්න කරන්න වෙනත් දෙයක් දන්නෙ නෑ. ඉතිං ඒ අයට වනජීවි මහත්තුරු
ගහකොළ සතා සිව්පාවට ආදරය කරන පරම්පරාවක් හදමු! ළමා උද්‍යානයක් හා වනෝද්‍යානයක් අතර සෘජු සබඳතාවක් පැවතිය හැකිද? ළමුන්ට කෙළි සෙල්ලමක් සඳහා ඉඩක් ලබා ගැනීමයි, රක්ෂිතයක් ආරක්ෂා කර ගැනීමේ අරමුණයි අතර සමානත්වයක් තිබේද? බැලූ බැල්මට එවන් සහ සම්බන්ධයක් සොයා ගැනීම අසීරු වුවත් එහෙව් සහසම්බන්ධයක් ගොඩනැඟීමේ උත්සාහයක් සියැසින් දැකබලා ගැනීමට අපට හැකිවිය. ඒ යහංගල නැගෙනහිර පෘතුගාල ගම්මානයේදීය. ”