ඉනාමලුව වන ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නැංවීම සඳහා එම්/ එස් කැනෝලා කන්ස්ට්‍රක්ෂන් හා ඉංජිනියරින් සමාගම සමග එම කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම 2019 අගෝස්තු මස 16 වන දින පැවැත්විණි. එම අවස්ථාවට පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකාර ධනුෂ්ක වික්‍රමරත්න, සිවිල් ඉංජිනේරු එච්.එස් කළ්‍යාණරත්න ඇතුළු පිරිසක් එක්වූ අතර
උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පවත්නා ගම්මාන හයකින් ඉදිරිපත්වී ඇති ප්‍රජා ක්‍රියාකාරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 08 වන දින පෙ.ව 10.00ට උඩවලව ජාතික වනෝද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මෙම ප්‍රජා ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟිය හැකි ගැටළු අවම කර ගැනීම මෙන්ම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ පූර්ණ
“ටිකක් හිතුවොත් චුට්ටක් මහන්සි වුණොත් අපට කරන්න බැරි දෙයක් නෑ” එහෙම කියන්නේ තම ස්ත්‍රීත්වය, පිටිසර දුෂ්කරතාවන්, අවිවේකත්වය බාධාවක් කර නොගෙන හවසට හවසට වැඩ නිමවී නිවසට පැමිණ ඉතා සුළුවෙන් කුඩා ව්‍යාපාරයකට පියවර තබා දැනටමත් දුර ගමනක පෙර නිමිති පළකර ඇති කන්නෙලියේ කෝරලේගම එච්.ඩබ්ලිව් නිලන්තිය. “ මේක මං පටන් ගත්තේ විනෝදයට වගේ. ඒත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මං
යෝජිත ලුණුගම්වෙහෙර වන අලි රැඳවුම් උද්‍යානය පිළිබඳ පවත්නා ගැටළු සහ කරුණු සාකච්ඡා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 ජුනි 26 දින විශේෂ රැස්වීමක් පවත්වන ලදී. වෘත්තිකයන්, ක්ෂේත්රයේ පර්යේෂකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් මෙම සාකච්ඡාවලට සහභාගී වී සිටියහ. සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී. – සත්ත්ව සංහතිය,
නකල්ස් වන රක්ෂිත ප්‍රදේශය හා ඒ ආශ්රිත ක්‍රියාත්මක වන ප්‍රජා මූලික සංවිධාන හා සිවිල් කණ්ඩායම්වල සමුළුවක් ඉකුත් ජූනි මස 07 වන දින ‘‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ “( ESCAMP) සහ ගෝලීය පරිසර පහසුකම Global Environment Facility (GEF)ව්‍යාපෘතිවල ප්‍රධානත්වයෙන් පිටවලපතන තොරතුරු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් ‘‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ
ඉනමාලුව වන ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නැංවීම සඳහා එම්/ එස් කැනෝලා කන්ස්ට්‍රක්ෂන් හා ඉංජිනියරින් සමාගම සමග 2019 ජුලි මස 2 වන දින ගිවිසුමක් අත්සන් කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණු පහසුකම් ඉහළ නැංවීමට මෙමඟින් පිටුවහලක් වනු ඇත. මීට අමතරව, වියළි කලාපීය වනාන්තර පරිසරය අත්විඳීමට උනන්දුවක් දක්වන අනෙකුත්