ඉනාමලුව වන ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නැංවීම සඳහා එම්/ එස් කැනෝලා කන්ස්ට්‍රක්ෂන් හා ඉංජිනියරින් සමාගම සමග එම කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම 2019 අගෝස්තු මස 16 වන දින පැවැත්විණි. එම අවස්ථාවට පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකාර ධනුෂ්ක වික්‍රමරත්න, සිවිල් ඉංජිනේරු එච්.එස් කළ්‍යාණරත්න ඇතුළු පිරිසක් එක්වූ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා එම්/ එස් කැනෝලා කන්ස්ට්‍රක්ෂන් හා ඉංජිනියරින් සමාගමේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.