නකල්ස් වන රක්ෂිත ප්‍රදේශය හා ඒ ආශ්රිත ක්‍රියාත්මක වන ප්‍රජා මූලික සංවිධාන හා සිවිල් කණ්ඩායම්වල සමුළුවක් ඉකුත් ජූනි මස 07 වන දින ‘‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ “( ESCAMP) සහ ගෝලීය පරිසර පහසුකම Global Environment Facility (GEF)ව්‍යාපෘතිවල ප්‍රධානත්වයෙන් පිටවලපතන තොරතුරු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට එක්වෙමින් ‘‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ “( ESCAMP) අධ්යක්ෂ අනුර සතුරුසිංහ මහතා කියා සිටියේ එකම භූ දර්ශන කලාපයක එකම ක්‍රියාකාරකම් විවිධ සංවිධාන හෝ ව්‍යාපෘතිවලින් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ගම් වැසියන් වඩාත් අපහසුතාවන්ට පත්වන බවයි.
ඒ නිසාම එම සංවිධාන හා ව්‍යාපෘතින් අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේනම් ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ සේවයක් සැලසිය හැකි බවයි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
‘‘ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් අපගේත් බලාපොරොත්තුව වන්නේ නකල්ස් වන සංරක්ෂිත කලාපය තුළ කටයුතු කරන සියලූම පාර්ශවකරුවන්ගේ එකතුවකින් යුතු පොදු පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමයි. එයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ග්‍රාමීය ජනතාව, සිවිල් සංවිධාන, පුද්ගලික අංශය ආදී සියල්ලන් නියෝජනය විය යුතු වෙනවා. අද වැඩසටහනේ අරමුණු නකල්ස් ආශ්රිත ක්‍රියාකාරී වන ප්‍රධාන කණ්ඩායම් දෙකක් හඳුනාගෙන ඒ අයගේ ක්‍රියාකාරකම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට පසුබිම සකස් කරගැනීමයි.”
ගෙවතු වගාව ආශ්‍රිතව මතුවන ගැටලූ සහගත තත්ත්වය සතුරුසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
‘‘ හෝම් ගාඞ්න්” වගේ දෙයක් නිදසුනකට ගතහොත් එකම පිරිසකට එකම පැළ දෙපිරිසක් විසින් බෙදාදෙන එකේ තේරුමක් නෑ. අපි ඒ ගම්මුන්ට අවශ්‍ය පැළ වර්ග, ප්‍රමාණය, ඒවා රෝපණය කිරීමේ බිම් ප්‍රමාණය ආදිය නිවරදිව හඳුනාගත යුතු වෙනවා. කිසියම් සංවිධානයක් එවැනි වැඩසටහනක් කලින් ආරම්භ කර ඇත්නම් තවත් සංවිධානයක් ඒ වැඩසටහනම ආරම්භ කිරීම වෙනුවට කරගෙන යන කටයුත්තට අමතර උදව්වක් කළ යුතු නම් කළාට කමක් නෑ. එහෙම නොවුණොත් මේ හැම දේකින්ම ගැටළු සහගත තත්ත්වයකට මුහුණදෙන්නේ ගම්වැසියායි. ඒ නිසා ESCAMP ව්‍යාපෘතියේ කටයුතු සහ GEF-SGP වැඩසටහන් විසින් ‘ගෙවතු වගා’ කරන තැන්වල කණ්ඩායම් දෙක එකතුවෙලා පොදුවේ එකම වැඩපිළිවෙළක් අනුව කටයුතු කරන එක වඩාත් සුදුසුයි. එයින් අවසානයේ ගම් වැසියාට වඩාත් ඵලදායි සේවයක් සැලසිය හැකියි.”
සතුරුසිංහ මහතාගේ අදහසට එකඟවෙමින් GEF-SGP ව්‍යාපෘතියේ නියෝජිතයින් පවසා සිටියේ එම යෝජනාව අනුව ක්‍රියාත්මකවීමට කිසිදු බාධාවක් නොමැති බවයි. දෙපාර්ශවයේ ම ක්‍රියාකාරී සැලැස්ම ගෙන එකිනෙකට සංසන්දනය කර බලා එහි හිඩැස් හඳුනා පොදු වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාකාරීවීමට හැකි බැව් ඔවුන් විසින් පෙන්වාදෙන ලදී. ඒ අනුව ඉදිරියේදී තම තමන්ගේ ව්‍යාපෘති යෝජනා හා ක්‍රියාකාරී සැලසුම් පදනම් කරගනිමින් ගමට එකම වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය හැකි බවට දෙපාර්ශවයම එකඟ වූහ.
මෙම අවස්ථාවට එක්වූ ‘‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ” ජීවනෝපාය හා ප්‍රජා සංවර්ධන විශේෂඥ ශිිරාජ් මොරුගම මහතා මෙසේ පැවසීය.
‘‘ රක්ෂිත ප්‍රදේශ මායිම්වල සිටින ජනතාව රක්ෂිත මත යැපීම සහ පවත්නා සෘණාත්මක බලපෑම අවම කරලීම සහ ඔවුන්ගේ ජීවනෝපාය ක්‍රම සංවර්ධනය කොට ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අපගේ එක් අරමුණක්. මෙය හුදෙක් ප්‍රජා මූලික සංවර්ධන ක්‍රමයක්ම නෙවෙයි. සෘජුව බලාපොරොත්තු වන්නේ රක්ෂිත ප්‍රදේශ වල සංරක්ෂණයයි. යම් කණ්ඩාමක් ගමක් රක්ෂිත ප්‍රදේශ මත යැපෙනවානම් ඒ යැපීම අවම කොට ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමට පහසුකම් සැලසිම හා දිරිමත් කිරීම අපගේ අරමුණයි. නිදසුනක් විදිහට යම් ගමක ජල අවශ්‍යතා සපුරාගන්නේ අවිධිමත් ලෙස රක්ෂිතයක් තුළ පවත්නා ජල පෝෂක ප්‍රදේශයක නම් අපි රක්ෂිතයට පවත්නා ඔවුන්ගේ බලපෑම අවම කරලමින් ඔවුන්ගේ ජල අවශ්‍යතා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ සපුරාලීමට ක්‍රියාකරනවා. එහිදී ප්‍රජා මූලික කණ්ඩායම් හරහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වනජීවි දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරනවා.”
මෙම වැඩමුළුවට ප්‍රජා මූලික සංවිධාන හා ක්‍රියාකාරී කණ්ඩායම් 13ක නියෝජිතයින් සහභාගි වී සිටි අතර , ESCAMP වෙනුවෙන් ව්‍යාපෘති අධ්යක්ෂ අනුර සතුරුසිංහ, ව්‍යාපෘති කළමනාකාර ධනුෂ්ක වික්‍රමරත්න, ජීවනෝපාය හා ප්රජාසංවර්ධන විශේෂඥ ශිරාජ් මොරුගම, පරිසර නිලධාරී සඳුන් නාලක බණ්ඩාර යන නිලධාරීහු එක්වූහ.
Published on: July 16, 2019 @ 10.00 am