යෝජිත ලුණුගම්වෙහෙර වන අලි රැඳවුම් උද්‍යානය පිළිබඳ පවත්නා ගැටළු සහ කරුණු සාකච්ඡා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 ජුනි 26 දින විශේෂ රැස්වීමක් පවත්වන ලදී. වෘත්තිකයන්, ක්ෂේත්රයේ පර්යේෂකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් මෙම සාකච්ඡාවලට සහභාගී වී සිටියහ. සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී.
– සත්ත්ව සංහතිය, වෘක්ෂලතා හා මානව-අලි ගැටුම් තත්ත්වයන් පිළිබඳ මූලික සමීක්ෂණයක අවශ්‍යතාව.
– වන අලි අධීක්ෂණය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මූලික කරගත් රේඩියෝ කර පළඳනා.
– ජලය පහසුකම් සැපයීම (විශේෂයෙන් නියඟ කාලවලදී) සහ පෝෂක ස්ථාන පිහිටුවීම.
– අවශ්‍ය යටිතල පහසුකම් (පශු වෛද්‍ය හා පර්යේෂණ පහසුකම්, ආරක්ෂිත වැට ආදිය).
Published on: June 28, 2019 @ 10.59 am