ඉනමාලුව වන ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නැංවීම සඳහා එම්/ එස් කැනෝලා කන්ස්ට්‍රක්ෂන් හා ඉංජිනියරින් සමාගම සමග 2019 ජුලි මස 2 වන දින ගිවිසුමක් අත්සන් කරන ලදී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණු පහසුකම් ඉහළ නැංවීමට මෙමඟින් පිටුවහලක් වනු ඇත. මීට අමතරව, වියළි කලාපීය වනාන්තර පරිසරය අත්විඳීමට උනන්දුවක් දක්වන අනෙකුත් සියලුම පුද්ගලයින් හා කණ්ඩායම් සඳහා ක්ෂේත්‍ර පුහුණුවක් ලබා දීමට මෙය යොදා ගැනේ. අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 198 කි. පහසුකම් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ 2020 අගෝස්තු වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.
Published on: July 05, 2019 @ 11.00 am